Pages

Monday, November 14, 2016

අපි හරිම අවස්ථාවාදියි නේද සර්...





මාස්ටර් සර්
ඔබතුමා මීට සතියකට විතර කලිං
අපෙන් සදහටම යන්න ගියා
මතකයක් විතරක්ම ඉතිරි කරලා...
ඔබතුමාගේ නික්ම යෑම,
හොද අවස්ථාවක් උනා...
සමහරක්ට,
තමන්වම ප‍්‍රමෝට් කරගන්න.
එත් දැන්...
අමරදේව කියලා කෙනෙක් හිටියද,
කිසිම නිනව්වක් නෑ...
ඔබතුමා යන්නම යන්න ගිය දවස් ටිකේ
දවසට විසි තිස් ගමනක් ඔබතුමාගේ සිංදු ඇහුණා,
රේඩියෝ එකේ...
ටීවී එකේ...
මේ වෙනකොට බෙහෙතකට වත්
ඇහෙන්නෑ
ඔබතුමාගේ ගීතයක්...
අපි හරිම අවස්ථාවාදියි නේද සර්...


මට මතකයි...
මං පුංචි කාලේ කිවා ලස්සන සිංදුවක්...
‘‘රත්න දීප ජන්ම භූමි, ලංකා දීප විජය භූමි’’

එදා දැනං හිටියේ නෑ...
මං ඒ කට උල් කර කර කියන් සිංදුව,
ඔබ තුමාගේ සිංදුවක් බව...
පුංචි කාලේ ඉදං ගායනා විලාසයට ආස උනා...
අද වෙනකම්ම...
ඉදිරියටත් ඔබතුමාගේ ඒ ගායනා විලාසයට මම ආස කරාවි...
ලේසියෙන් ඇස් වලින් කදුලක් වැටෙන්නැති
මගේ ඇස් වලින්
ඔබතුමා කඳුලක් වැට්ටුවා...

ගුරු දේවයිනි
ඔබට අජරාමර නිවන් සුව


හුදෙකලා
2016.11.14

8 comments:

  1. එතුමාට නිවන් සුව ලැබේවා!!!

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගුරු දේවයිනි අජරාමර නිවන් සුව

      Delete
  2. අදයි මේ පැත්තට ආවේ.......... කුරුටු සින්ඩියටත් දා ගත්තා.........

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  3. අදනෙ මේ පැත්තෙ ආවෙ...
    එතුමා අමරණීයයි..

    ReplyDelete
    Replies
    1. වචනෙය් පරිසමාප්ත අර්ථෙයන්ම අවරෙද්වයන්.

      Delete
  4. ඒ හැටි ඉතින්. සිංහලයොන්ට ඉක්මනින් අමතක වෙනවා කියල කියලා තිබ්බනෙ අර කෞරුද කෙනෙක්

    ReplyDelete
    Replies
    1. හ්ම්....
      ඒ්ක නිසා තමයි අපිට වැරදුන තැන් ෙගාඩක් වැරදුෙන්.

      Delete