Pages

Wednesday, August 2, 2017

නමක් සොයන කතාවක් - 03 (ඔවුන්ගේ සංස්කරණය නොකල ජීවිත කතාව)



5

මා ශෂීන්ද්‍රගේ සිතිවිලි තුලින් ඉවත් වි රුවන්ති කවුද යන්න ඔබට හදුන්වා දෙනවා. ඔව් මේ තමයි එයට සුදුසුම වෙලාව.

කරුණාරත්න ගමගේ රුවන්ති චමෝදිකා අරුණතිලක. වයස අවුරුදු 27 විතර වෙන සෙංකඩගල ප‍්‍රදේශයේ දරුවන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැනියා. ඇයගේ පියා වතු අධිකාරිවරයෙකු ලෙස සේවය කරලා දැනට විශ‍්‍රාම සුවයෙන් කාලය ගත කරනවා. ඇයගේ මව ගෘහනියක්. වැඩිමල් සොයුරා වෛද්‍යවරයෙක්. විවාහ වෙලා කැනඩාවේ ස්තීර පදිංචිය හිමි අයෙක්. දෙවන සොයුරිය විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරියක්, ඇය කොට්ටාව ප‍්‍රදේශයේ තනිව වාසය කරනවා. අවිවාහකව. තව පවුලෙන් ඉවත්වෙලා. 

ඔව් පවුලෙන් අයින් වෙලා. හේතුව ශෂීන්ද්‍ර. දැනට ඔබගේ දැක්ම මත හේතුවක් ගොඩනැගීමට ඉඩ ප‍්‍රස්ථා ලබාදී මා පවුලේ අනෙක් සාමාජිකාව මා හදුන්වා දෙනවා. ඇය ශිවන්ති. පවුලේ බඩපිස්සි. අපොස උසස් පෙල විද්‍යා අංශයෙන් හදාරා විශ්ව විද්‍යාලයට ඇතුලූ වීමට සූදනමෙන් සිටිනවා.

එතකොට රුවන්ති.... 

රුවන්ති කියන්නේ නිහඩ චරිතයක්. ශෂීන්ද්‍රගේම batch එකේ කෙනෙක්. බ‍්‍රයිට් කේස් එකක්. කැම්පස් එකේ කොච්චර සින්නොන්ගේ බැල්මට ලක් උනත්  රුවන්ති වැටුනේ ශෂින්ද්‍රට. දෙන්නගේ ආදර කතාව වැඩි සද්ද බද්ද නැතිව දෙපාර්ශවයේම දෙමාපිය කැමැත්ත මත ගලාගෙන ගිය කතාන්දරයක්. කෙසේ හෝ මේ ආදරයේ ප‍්‍රථිඵල 2013 ඔක්තෝබර් මාසේ යම් දිනකදි ඵලදැරුවා. දෙන්නගේ විවාහය ලියාපදිංචි කලා. කිසිම සද්දයක් නැතිව. පවුලේ දෙකේ අයගේ සහභාගීත්වයෙන් විතරක්. 

ඛේදවාචකයක්..

දෛවයේ සරදමක්ද, ආදරයේ වරදක්ද කියලා මම දන්නේ නෑ. 2013 ඔක්තෝබර් මස දිනෙක සිදුවූ ශෂීන්ද්‍රගේ සහ රුවන්තිගේ විවාහ ලියාපදිංචිය දෙදරා යනවා. 2014 ජනවාරි මස යම් දිනෙකදි මහනුවර අධිකරණය ඔවුන්ගේ ඉරනම තිරණය කරනවා. ඔව්. අනුමිත ද්වේෂසහගත හැරයාම යටතේ දික්කසායදය අනුමත කරනවා.

එතෙකින් එම කතාවට මා කොමාවක් දමා, මා සීතල නුවරඑළිය වෙත ගමන් කරනවා. ග්‍රෙගරිවැව අසබඩට. හරියටම කියනවා නම් 2012 දෙසැම්බර් මාසේ මුල්ම ඉරු දින.


6


ග්‍රෙගරි වැව් ඉස්මත්තේ සංචාරක පිරිස් කිහිපයක්ම කෙලිදෙලෙන් කාලය ගත කරනවා. ඒත් මා සොයනා පිරිස තවමත් මාගේ නෙත ගැටුනේ නැහැ. මා සොයන්නේ කවුරුන්ද. ඔව් ඔබේ නිගමනය නිවැරදියි. මා සොයන්නේ ශෂින්ද්‍ර. හරි සොයා ගත්තා.. අර ඉන්නේ සෙට් එකම. හරිම විනෝදෙන්.

ඒ, ශෂීන්ද්‍රගේ මව, ඩොක්ටර් ශීලා සහ ඇයගේ රෝහලේ සගයන් එක්ව යන වාර්ෂික චාරිකාව. ගොඩක් පිරිසක් ඉන්නවා. මා නොහදුනන මුණු රාශියක්. ඩොක්ටර් ශීලාගේ පවුල් සාමාජිකයන් හැරණුකොට මා දන්නා මුහුණු කිහිපය. ඩොක්ට අශෝකා ජෙරම්ස්, රුවන් ස්ටීවන් ෆර්නෑන්ඩස් (අශෝකා ජෙරම්ස් ගේ සැමියා), නිහංසා ෆර්නෑන්ඩස් (අශෝකා ජෙරම්ස් ගේ වැඩිමහල් දියණිය), සහ ගයා ශ‍්‍රී.

සත්‍ය වශයෙන්ම ඔබ නිවැරදියි. ඔබ හිතපු දේ සහ ඔබ හිතන් හිටිය දේ.
ශීලා සහ අශෝකා. කළණ මිතුරියන්. පවුලේ මිතුරන්.

ඒ වන විට ශෂීන්ද්‍රගේ මව ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරියක වශයෙනුත්, අශෝකා ජෙරම්ස් බාහිර රෝගී අංශ භාර වෛද්‍යවරියක ලෙසත් බස්නාහිර පලාතේ එකම රෝහලක සේවය කලා. රුවන් ස්ටීවන් ෆර්නෑන්ඩස් ජීවතුන් අතර සිටි අතර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වරලත් ඉංජිනේරුවකු වශයෙන් සේවය කරමින් හිටියා. වචනයේ පරිසමාප්ත අරථයෙන්ම විනෝදකාමී චරිතයක්

ඉතිං පුතා.. මොකද මේ සයිඞ් ගහලා. යමුකෝ බෝට් ටි‍්‍රප් එකක්...

අනේ සොරි අංකල්, මට යන්න කම්මැලියි. අංකල් ලා යමු, මම ටිකක් ඇවිදින්නම් මේ හරියේ...

කොච්චරක් නම් පෙරැුත්ත කලත් ශෂින්ද්‍රව බෝට් ටි‍්‍රප් එක එක්කන් යන්න බැරි උනා. කාටවත්ම. ෂශින්ද්‍ර තණතිල්ලේ ඇලවෙලා කල්පනා ලෝකේ තනිවෙනකොට කට්ටිය බෝට් ටි‍්‍රප් එක ගියා. ඒත් ඒ ගිය බෝට්ටුවේ ශෂින්ද්‍ර ගැන හිත හිත හිත් දෙකක් දුක් උණා. වද උණා. ඒ එක හිතක් ශෂින්ද්‍රගේ මව ශිලා, අනික් හිත...?  ම්ම්ම්ම්ම්ම්.... නෑ... ඒ හිත කවුද කියලා මම කියන්න යන්නේ නෑ... ඔබගේ සිතැගි පරිදි හිතාගන්න මම ඉඩහරිනවා.


7

ගෝරා.. ගෝරා... නැගිටහන් හු***, මෙන්න උඹට කෝල් එකක්.

මොන රෙද්දක්ද බං. නිදාගන්න දීහංකො ප**

යකෝ මේ ඩිංගිරි කතා කරනවා... යකෝ මිස් කෝල් 7යි.

කෙලියා. ගනිං යකෝ ඔය ෆෝන් එක...
හෙලෝ සුදු...

මොකක්ද කරන්නේ අනේ... ඇයි මේ ෆෝන් ආන්වර් කරන්නේ නැත්තේ.. කට්ටියම ඇවිත් ඉන්නේ. එන්නේ නැද්ද.

හරි හරි අපි ඉක්මනට එනවා. පැය භාගයක් දෙන්න.

එනවා තමයි පැය භාගෙන්. ඔයාලා ටික විතරයි නැත්තේ. තව වැඩ ගොඩක් තියනවා ෆන්ෂන් එකේ. ඔයාලා නිදි. ෂුවර් එකටම මටත් බොරු කියලා ඊයේ අපි ගියාම ඔයාලා බීලා..

ඉන්න ඉන්න අපි ඉක්මනට එනවා...

පාල, ගබ්බර් සහ ගෝරා ඉක්මනට ලෑස්තිවෙලා ෆැකල්ටි එකට දිව්වේ ? තියන ෆ්‍රෙෂර්ස් නයිට් එකේ ඉතිරි වැඩ ටික කරන්න. හතර දෙනාට ටිකක් වැඩිපුර නින්ද ගියා තමයි. එහෙම නින්ද නොගියොත් තමයි පුදුම වෙන්න  ඕන. කට්ටියම හොස්ටල් එකට එනකොට පාන්දර 2යි. බියර් ටිකකුත් තොලගාලානේ හිටියෙත්. කොහොමහරි ඉක්මනට ලෑස්ති වෙලා හතර දෙනා ෆැකල්ටි එකට ගියා. නෑ නෑ ගියා නෙවෙයි. දිව්වා කියමුකෝ.

හා මේ එන්නේ ත‍්‍රි ඉඩියට්ස්... මොකද පරක්කු. තාම ඩෝප් ද..?

නෑ ඩෝ.. නින්ද ගියා බං.. හරි හරි.. ඒවා වැඩක් නෑ.. යමං ඇතුලට ඉතිරි වැඩ ටික ඉවරයක් කරන්න. 

ඒ..... ගෝරා... අන්න ඩිංගිරි උඹ එනකං කැන්ටිමේ බලං ඉන්නවා. යමං ඉක්මනට...

ටිකාට තම්බ්ස් අප් කරගෙනම ගෝරා ගියා ඩිංගිරිව සොයාගෙන කැන්ටිම පැත්තට. ගෝරා හිත හදාගෙනමයි ගියේ ඩිංගිරිගේ දෝස්මුරේ අහන්න. ඇයි ඉතිං ගෝරා ඩිංගිරිව හොස්ටල් එකට දාලා එනකොට පොරොන්දු වෙලානේ ආවේ පහුවෙනිදා 7 වෙනකොට එනවා කියලා. දැන් 7 කෑලිත් නෑනේ...

ඇයි අනේ පරක්කු උනේ... බලන්නකෝ දැන් 8ත් පහු වෙලා..

බඩගිනියි රුවි... ඉක්මනට කාලා යමු ඬේ එකේ වැඩත් තාම ඉවර නෑනේ...

පොඞ්ඩක් ඉන්නවා පොඞ්ඩක් ඉන්නවා...

ඇයි......

ඊයේ ? මොනාද බීවේ... කියන්න හොද ළමයා වගේ ඇත්තම...

බියර් එකක් බිව්වා සුදු...

ඩිංගිරි පිච්චිලා යන තරමේ රැුවිල්ලක් දාලා ගෝරා එක්ක කන්න ගියා. කන අතරේ...

බබා...

ඇයි සුදු...

බියර් මොන රසයිද...

එහෙම කියන්න තේරෙන්නේ නෑ සුදු. තිත්තට හුරු අමුතු රසක්..

මේ....අද මට බියර් ටිකක් බිලා බලන්න  ඕනි... ප්ලීස්..

හරි හරි බලමු ඒක ඒ වෙලාවට...

එදා ?.. ඒ කියන්නේ ෆ්‍රෙෂර්ස් නයිට් එකේදි කොල්ලෝ ටික මධුවිතෙන් සප්පායම් වෙන්න පටන් අරන් තිබුණේ. ගෝරාත් ඩිංගිරිව කෙල්ලෝ සෙට් එකත් එක්ක සෙට් කරලා බියර් එකක් ගන්න අතරේ තමයි ඩිංගිරිගෙන් කෝල් එකක් ආවේ ගෝරාට...

සුදු.... එන්නකෝ ටිකක් පහලට...

ඇයි සුදු...

එන්නකෝ කීවහම අහලා...

ඉන්න විනාඩියක්..

ගෝරා පාලයාට ඉක්මනට එන්නම් කියලා ගියා ඩිංගිරි කතා කලේ ඇයි බලන්න පහලට,

ඇයි බබි...

ඔයාට අර මම දවල් කියපු දේ මතකයිද...?

දවල් කියපු දේ... ඒ මොකක්ද සුදු...?

අනේ... ඔයා එකක් බැ අප්පා.. ඔයාට කිසි දෙයක් මතක නෑ..

හරි හරි කියන්නකෝ මොකක්ද කියලා...

ගෝරා.... මේ.... මටත් බියර් ටිකක් බිලා බලන්න  ඕනි...

පිස්සුද ඔයාට...?

අනේ ප්ලීස්... ප්ලීස්... ඔයාත් බොනවානේ. මටත්  ඕනිමයි.

ඩිංගිරිගේ පෙරැුත්ත නිසාම ගෝරා ආයේමත් උඩට ගිහින් චිල්ඞ් බියර් එකකුයි ග්ලාස් එකකුයි අරගෙන පහලට ආවා. ඇවිත් ග්ලාස් එකට බියර් චුට්ටක් දාලා ඩිංගිරිට දුන්නා බොන්න..

බෑ බෑ... ඔහොම බෑ... මට බොට්ල් එක කට තියන් බොන්න  ඕනි. අර ඔයලා බොනවා වගේ...

මොකක්...

දෙන්න මෙන්න මෙහෙට...

ඩිංගිරි ගෝරා අතින් බොට්ල් එක අරං කට තියන් බීවේත් ගෝරාගේ කටත් ඇරුනේත් එකම වෙලාවේ..

ඊඊඊඊක්කා..... තූ...හ්.... චික්... තිත්ත මේවාගේ යූක්..

ඇත්ද පණ්ඩිත ආච්චිට...

කොහොම බොනවද මේ මල ජරාව. 

ඩිංගිරි බියර් බොට්ල් එක විසික් කරලා ටික වෙලාවක් ගියා ගෝරාට උනේ මොකක්ද කියලා පියවි සිහියට එන්න. ඒ වෙලාවේ ගෝරාට ආව හිනාව නවත්ත ගන්න වයිමගේ තාත්තා සක්කරයාට වත් බැරිවෙනවා ෂුවර් ෂොට්. 

අයියා.... ඇයි මේ තනියම හිනා වෙන්නේ...

අහ්... ඔයාලා ආවද..?

කෝ අම්මිලා අපේ....

අන්න ඔයාව සොයනවා කට්ටිය. ඔයා මෙතන නිදාගෙන තනියම හිනා වෙනවා. අපි ඔයාව සොයනවා...

ඔහ් ගෝඞ්... සොරි නංගි... යමු යමු අපි අම්මිලා ඉන්න පැත්තට.. ඔයාලා ගොඩක් වෙලාද බෝට් ටි‍්‍රප් එක ගිහින් ඇවිත්...

ඔව් අනේ විනාඩි 15ක් විතර වෙනවා... ඔයාව සෙව්වා අපි. ඔයා ෆෝන් එකත් ආන්ස්වර් කලේ නැති නිසා අපි ඔයාව සොයන්න ආවා ටික දෙනෙක්.

සොරි... මම නිසා ඔයාලත් වද වෙනවා නේද...

පිස්සුද අනේ... මොනවා හිත හිතද තනියම හිනා උනේ...

කැම්පස් එකේ උන ඒවා මතක් උනා නංගි. ඒ දවස් මතක් වෙනකොටත් සතුටුයි.

දෙන්නා කතා කර කර කට්ටිය ඉන්න තැනට ඇවිදන් ගියා. දෙන්නම කිසි කතාවක් නෑ. ආයෙත් මම ගයා ශ‍්‍රි ගේ සිතිවිලි වලට ඇතුලූ වෙනවා. බලමු අපි එයා මොනවද හිතන්නේ කියලා...

අයියට ඉස්සර වෙච්ච දේවල් මතක් වෙන්න ඇති. පව්. මට වෙලාවකට හිතෙනවා ඒ ගර්ල්ව සොයන් ගිහින් ශෂින්ද්‍ර අයියට මෙහෙම කලේ ඇයි කියලා අහන්න. කොච්චර හිනා වෙලා කතා කලත් ශෂින්ද්‍ර අයියගේ ඇස් වල අමුතු දුකක් තියනවා. ඔව් ඒක මට පේනවා. දන්නවද ශෂින්ද්‍ර අයියේ... ඔයා මගේ වෙනවා නම් මම ඔයාව ගොඩක්ම ආදරෙන් බලා ගන්නවා. ඔව්... ඔයා දන්නේ නෑනේ දෙයියනේ. 

කොහේද පුතා ගියේ.. අපි මේ කලබල වෙලා ඔයාව සොයනවා...

කොහේවත් නෑ අම්මි... හයියෝ.. මම පොඩි බබෙක් නෙවෙයිනේ... ඇයි භය වෙන්නේ... මාව බිල්ලෝ අරන් යයි කියලද,නැද්ද ජෙරම් ආන්ටි...

කොහේද දුව මේ යෝධයා හිටියේ...

බලන්නකෝ ආන්ටි.... මම යනකොට අයියා අර පැත්තේ තියන ටක් ෂොප් එකකින් මිල්ක් කොෆී බොනවා චිප්ස් කකා. මට දුන්නේත් නෑ... හරිම නරකයි...

ඔය බොරු අම්මි...

බොරු නෙවෙයි ආන්ටි...මේ මට අරන් දුන්නේ මෙච්චරයි මගේ කට වහලා තියන්න

කියලා ගයා ශ‍්‍රී ඇදන් හිටිය ඩෙනිම් එකේ සාක්කුවෙන් ටික් ටැක් එකක් අරන් පෙන්නුවා...





Tuesday, August 1, 2017

නිර්නාමික කතාවක්


හැමදාම අමාවක නැ කියලා කතාවක් තිබුණට ඒ කතාව ගැන මගේ කිසිම විශ්වාසයක් තිබුණේ නෑ.හැබැයි ඒ කිවේ මගේ ජිවිතේ ගතවුණු ළමා කාලය ගැන නෙවෙයි. මට ලස්සන ළමා කාලයක් තිබුණා. මම අදහස් කලේ අවුරුදු 25ත් 30ත් අතර කාලය. හරිම කටුක කාල පරිඡේදයක්. මට හිතුනේම ආයේ කවදාකම වත් මගේ ජීවිතේ එළියක් වැටෙන එකක් නෑ කියලා.

අවුරුදු 5ක ආදරය විවාහයෙන් අවසන් උණාම මම හිතුවේ මම ලෝකය දින්නා කියලා. නෑ ඒත් මට ජිවිතේ වැරදුන තැන එතන. මේ ලෝකේ තමන්ගේ ආදරය විවාහයෙන් කෙලවර කරගෙන ලෝකයම දිනන අය අතර, ආදරය විවාහයෙන් කෙලවර කරගෙන ලෝක පරාජයක් ලබන අය අතරින් කෙනෙක් වෙන වාසනාව හෝ අවාසනාව මට ලැබුණා.

විවාහ ජිවිතය හරියටම අවුරුද්දකින් ගාල්ල දිසා අධිකරණයෙන් කෙළවර උනේත් එයා වෙන කෙනෙක්ගේ තුරුලේ සැනසුනේත් හරිම පුදුම විදියට. අසම්මත ඇසුර සම්මතයක් උනේ කියලා කියන්නත් පුලූවන්.

හිතේ දුකක් පසුතැවිමක් හංගාගෙන ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්නවා කියන එක තරම් දඩුවමක් තවත් නැතිව ඇති. ඒ දඩුවම මම හොදට රස වින්දා. 

ඒ රස විදිනකොට තමයි එයා මගේ ජීවිතේට ආවේ. අදටත් පුදුමයක් කොහොමද ඒක සිද්ධ උනේ කියලා. ගැහැණු කියන සත්ත්ව කොට්ඨාසයේ විස තදින්ම ශරිරගත වෙලා තියෙද්දි එයා මගේ ජිවිතේට ආවා. ඒ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරයත් එක්කම. ඒ ආදරයේ උණුහුම රැුකවරණය එක්කම ජිවිතේට තියන ආසාව වැඩි උනේ මටත් හොරා. 

ඔව් සත්‍ය වශයෙන්ම ඇය මගේ මුලූ ලෝකයම උණා. ඇය මගේ ජිවිතයේ විවිධ අවස්ථාවන්හි මට ඒ ඒ අවස්ථාවට ගැලපෙන විදියට ඉන්න පුදුමාකාර හැකියාවකින් යුක්ත ගැහැණියක් උණා. යහපත් බිරිදක්, මවක්, යෙහෙලියක්, ගුරුවරියක්, සහෝදරියක්, සයනයේදි වෛශ්‍යාවක් වෙන්න ඇයට හැකියාව තිබුණා. මම මගේ මව හැරුණු විට දැකපු සාර්ථකම ගැහැණිය. 

දියණිකට සහ පුතෙකුට උපත ලබලා දිලා නිවැරදි අධ්‍යාපණයකට යොමු කරලා සමාජයේ වැදගත් තැනකට යන්න පාර පෙන්වන්න ඇයට අමුතුවෙන් කියලා දෙන්න උවමනා උනේ නෑ. ඇයට ඒකට නිසැක හැකියාවක් තිබුණා. ඒත් අද ඇයට මම විතරක් වගේම, මටත් ඇය විතරක්ම වෙලා. දියණිය විවාහ වෙලා මහත්තයා එකක්  ඕස්ටේ‍්‍රලියාවේ ස්ථීර පදිංචියට ගිල්ලා. ලංකාවට ඇවිත් ගිහින් අවුරුදු තුනකටත් වැඩියි. පුතා වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තේ ගිහින්. පුතා නිතරම කතා කර කර තාත්ති කොහොමද කියලා අහනවලූ, දුවත් මහත්තයට නිවාඩු ලැබුණ ගමන් ලංකාවට එනවලූ.

මට තව කොච්චරක් වෙලාවක් තියනවද කියලා හිතාගන්න බෑ. ඒත් මේ මොහොතේත් ඇය මගේ ළග.