Pages

Saturday, December 3, 2016

මට නම් රිදෙන්නෑ....



කවුද මංදා කීවා...
ගැහැණියට ගරු කරපං
උඹේ අම්මත් ගෑණියෙක් නේද කියලා...?

ඒත් මට හිතුනේ...
ගලින් අඹපු බුදු පිළිමෙට 
වැන්දට,
ගරු කලාට...
ගලින් අඹපු දෙවියන් වහන්සේට 
වැන්දට,
ගරු කලාට...
ඇයි නිකං කලු ගල් වලට වදින්නේ...?


හුදෙකලා
2016.12.03



Thursday, December 1, 2016

අතීතය...


අතීතය...
මම උඹට වෛර කරන්නෑ...
ඒත් උඹ මට
ගොඩක් රිද්දනවා.
ටිකක් නෙවෙයි ගොඩක්.
කමක් නෑ...
කොහොමත් ඒ උඹගේ හැටිනේ...
මොනවා උනත්
උඹත් දන්නවා ඇති,

තැලෙන්න තැලෙන්න
මුවහත් වෙනවා කියලා...


හුදෙකලා
2016.12.01