Pages

Tuesday, August 1, 2017

නිර්නාමික කතාවක්


හැමදාම අමාවක නැ කියලා කතාවක් තිබුණට ඒ කතාව ගැන මගේ කිසිම විශ්වාසයක් තිබුණේ නෑ.හැබැයි ඒ කිවේ මගේ ජිවිතේ ගතවුණු ළමා කාලය ගැන නෙවෙයි. මට ලස්සන ළමා කාලයක් තිබුණා. මම අදහස් කලේ අවුරුදු 25ත් 30ත් අතර කාලය. හරිම කටුක කාල පරිඡේදයක්. මට හිතුනේම ආයේ කවදාකම වත් මගේ ජීවිතේ එළියක් වැටෙන එකක් නෑ කියලා.

අවුරුදු 5ක ආදරය විවාහයෙන් අවසන් උණාම මම හිතුවේ මම ලෝකය දින්නා කියලා. නෑ ඒත් මට ජිවිතේ වැරදුන තැන එතන. මේ ලෝකේ තමන්ගේ ආදරය විවාහයෙන් කෙලවර කරගෙන ලෝකයම දිනන අය අතර, ආදරය විවාහයෙන් කෙලවර කරගෙන ලෝක පරාජයක් ලබන අය අතරින් කෙනෙක් වෙන වාසනාව හෝ අවාසනාව මට ලැබුණා.

විවාහ ජිවිතය හරියටම අවුරුද්දකින් ගාල්ල දිසා අධිකරණයෙන් කෙළවර උනේත් එයා වෙන කෙනෙක්ගේ තුරුලේ සැනසුනේත් හරිම පුදුම විදියට. අසම්මත ඇසුර සම්මතයක් උනේ කියලා කියන්නත් පුලූවන්.

හිතේ දුකක් පසුතැවිමක් හංගාගෙන ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්නවා කියන එක තරම් දඩුවමක් තවත් නැතිව ඇති. ඒ දඩුවම මම හොදට රස වින්දා. 

ඒ රස විදිනකොට තමයි එයා මගේ ජීවිතේට ආවේ. අදටත් පුදුමයක් කොහොමද ඒක සිද්ධ උනේ කියලා. ගැහැණු කියන සත්ත්ව කොට්ඨාසයේ විස තදින්ම ශරිරගත වෙලා තියෙද්දි එයා මගේ ජිවිතේට ආවා. ඒ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරයත් එක්කම. ඒ ආදරයේ උණුහුම රැුකවරණය එක්කම ජිවිතේට තියන ආසාව වැඩි උනේ මටත් හොරා. 

ඔව් සත්‍ය වශයෙන්ම ඇය මගේ මුලූ ලෝකයම උණා. ඇය මගේ ජිවිතයේ විවිධ අවස්ථාවන්හි මට ඒ ඒ අවස්ථාවට ගැලපෙන විදියට ඉන්න පුදුමාකාර හැකියාවකින් යුක්ත ගැහැණියක් උණා. යහපත් බිරිදක්, මවක්, යෙහෙලියක්, ගුරුවරියක්, සහෝදරියක්, සයනයේදි වෛශ්‍යාවක් වෙන්න ඇයට හැකියාව තිබුණා. මම මගේ මව හැරුණු විට දැකපු සාර්ථකම ගැහැණිය. 

දියණිකට සහ පුතෙකුට උපත ලබලා දිලා නිවැරදි අධ්‍යාපණයකට යොමු කරලා සමාජයේ වැදගත් තැනකට යන්න පාර පෙන්වන්න ඇයට අමුතුවෙන් කියලා දෙන්න උවමනා උනේ නෑ. ඇයට ඒකට නිසැක හැකියාවක් තිබුණා. ඒත් අද ඇයට මම විතරක් වගේම, මටත් ඇය විතරක්ම වෙලා. දියණිය විවාහ වෙලා මහත්තයා එකක්  ඕස්ටේ‍්‍රලියාවේ ස්ථීර පදිංචියට ගිල්ලා. ලංකාවට ඇවිත් ගිහින් අවුරුදු තුනකටත් වැඩියි. පුතා වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තේ ගිහින්. පුතා නිතරම කතා කර කර තාත්ති කොහොමද කියලා අහනවලූ, දුවත් මහත්තයට නිවාඩු ලැබුණ ගමන් ලංකාවට එනවලූ.

මට තව කොච්චරක් වෙලාවක් තියනවද කියලා හිතාගන්න බෑ. ඒත් මේ මොහොතේත් ඇය මගේ ළග. 




6 comments:

  1. අපූරු ලියමනක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ආයේත් අමුතු කතාවක්. කෝ අනික් කතාවේ 3 කොටස

    ReplyDelete