උඹ මට ආදරේ කරන්න ඇති...
ඒත්,
මගේ හිත නතර උනේ වෙන තැනක.
උඹට ඒක රිදෙන්න ඇති,
ටිකක් නෙවෙයි හොදටම.
සමාවෙයන් මට
මම උඹ ගැන බැලුවේ මිතුරියක් විදියට විතරමයි...
ඊයෙත්, අදත්...
ඒ වගේම හෙටත්...
28/05/2K17
Mr. X
උඹ හිතුවේ මම වැටුණා කියල නේද
ඔව්
උඹ හරි
මම වැටුණා
වැටුණා කියන්නේ අන්තෙටම වැටුණා
කමක් නෑ,
මමනේ වැටුණේ...
උඹ අහලා තියනවද
ෆීනික්ස් කුරුල්ලාගේ කතාව
අහලා තියනවා නම්,
අන්න ඒ කතාව මතක් කරගනිං...
අහලා නැත්නම්,
දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගනිං..