Pages

Saturday, July 29, 2017

නමක් සොයන කතාවක් - 02 (ඔවුන්ගේ සංස්කරණය නොකල ජීවිත කතාව)


3

රුවන්ති මොකටද දන්නෑ මගේ මොබයිල් එකට අරං තිබුණේ. පුතු හරි ශීලා හරි දැනගත්තොත් ගිය සතියේ රුවන්ති මට කෝල් කලා කියලා මට විසුමක් වෙන්නෑ. Definitely ශීලා මගේ කෙස් ගහෙන් ගහ ගලවනවා. ඒත් ඉතිං මං කියලා මොනවා කරන්නද? මම දන්නවය ඒ කතා කලේ රුවන්ති කියලා. රුවන්ති කියලා දන්නවා නම් මම කීයටවත් මොබයිල් එක ආන්ස්වර් කරන්නෑ කියලා ශීලා හොදටම දන්නවනෙ.

ඒ අස්සේ නුවර එළියේ ටි‍්‍රප් එකක් යන්න දාගෙන. කොහොම කරන්නද කියලා මට නම් තේරෙන්නෑ. අනික් මේ සීසන් එක. හොටෙල් එකෙන් එනවා කියන්නේ හීනයක්. ටේ‍්‍රන් එකේ යන නිසා Definitely, Full Fantastic Journey එකක් වෙයි. මොනව කරන්නද, එහෙම උනොත් ශීලටයි, පුතූටයි යන්න කියනවා. Next Year එකේ January පුතුට සතියක් විතර නිවාඩු ගන්න කියලා අපි තුන්දෙනා පොඩි රවුමක් දාලා එනවා.

පුතූට කිවොත් නම් කියයි මොකක්ද මේ... ආහ්., ‘සිත නිවන කතා’

තම පුතුගේ කටකාර දෙපිට කැපෙන කතා මතක් උනෙන් රවීන්ද්‍ර සපුමල්ගේ මුවට සිනාවක් නැගුනේ ඔහුටත් නොදැනීම. දක්‍ෂ ව්‍යාපාරිකයකු මෙන්ම දක්‍ෂ කළමණාකරුවකු වන රවීන්ද්‍ර සපුමල් තම මනස ව්‍යාපාරය වෙනුවෙන් යොමු කල හෙයින් මා ඔහුගේ සිතිවිලි දාමයෙන් ඉවත්ව ඇයගේ නිවස දිශාවට, ගයා ශී‍්‍ර ගේ නිවසට.


4

ඔහ්. ලස්සන හිංදි සිංදුවක්, නියම වෙලාවට තමයි මමත් ඒ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. අම්මයි දුවයි දෙන්නා හිංදි ෆිල්ම් එකක් බලනවා. දෙන්නම හරිම උවමනාවෙන් තමයි බලන්නෙ.

පොඞ්ඩක් ඉන්න, පොඞ්ඩක් ඉන්න....

මට ගයා ශ‍්‍රී ගේ මූණෙ යම් අමුත්තක් තේරෙනවා. එයා මොකක් හරි ප‍්‍රශ්ණයක් ඩොක්ටර් අශෝකා ජෙරම්ස් ගෙන් අහන්න හදනවා හදනවා වගේ. නැතිනම් මොකක් හරි දෙයක් ගැන අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරනවා. මොකක් වෙන්න ඇතිද...

ම්ම්ම්ම්ම්.................

ඔහ්.., සිරාවටම මම වගේ මංඤ්ඤං ඩයල් එකක්. ඇයගේ සිතිවිලි වලට ඇතුලූ වෙන්න පුලූවන් කම තියාගෙනනේ මේ තරම් ලත වෙන්නේ. බලමු ඇගේ සිතිවිලි වලට එබිල.

අයියෝ..... අනිද්දා ටි‍්‍රප් එක යන්න අරය ජෝඩු දාලා ඒවිද දන්නෑ. එහෙම උනොත් දෙන්නගේ ලව් එක බල බල තමයි ඉන්න වෙන්නෙ. අනෙහ්. මට මොකද කවුරු කොහොම ආවත්, මගේ කවුද, මම මගේ පාඩුවේ ටි‍්‍රප් එක එන්ජෝයි කරනවා. පාලූ හිතුනොත් කියවන්න හොද පොත් දෙකකුත් අරං යන්න  ඕනි. අම්මිලා අම්මිලාගේ යාලූවෝ එකක් ෆන් එකේ යනකොට නැතිනම් මටයි පාලූ. තව අපේ වයස් වල අය කවුරු යනවද දන්නෙත් නෑනේ. අම්මිට පොඩි වචනයක් දාලා බලන්නත් හිතෙනවා. ඒත් බයයි බයයි වගේ...

අම්මී... දැන් අපිට අනිද්දා කීයටද Train එක තියෙන්නේ.

ම්ම්ම්ම්.....

අපිට අනිද්දට Train එක කීයටද තියෙන්නේ.

ඇයි ළමයෝ.. මොන ලෝකෙද ඉන්නේ... මම ඔයාට කී සැරයක් කීවද ? අටේ බදුලූ ටේ‍්‍රන් එකේ යන්නේ කියලා.

අයියෝ.... ඉතිං...  ඕක ඔච්චර සැරෙන් කියන්න  ඕනිද. අම්මි හරි නපුරුයි. මට නිතරම සැර කරවා.


ඔව් ඔව් දැන් මම තමයි නපුරු...

අනේ ඉතිං., ඔන්න මූන එල්ල ගත්තා. මගේ සුදු අම්මිට මං ගොඩක් ආදරෙයිනේ.
හරි හරි.. දැන් කවුද තව යන්නේ එදාට...


ම්ම්ම්... ශීලා ආන්ටියි පුතයි, කමලා ආන්ටියි, අර කැන්ඩි හොස්පිට්ල් එකේ හිටිය ඩොක්ටර් ශිවන්තියි එයාගේ අම්මයි, ශ‍්‍රීයානි ආන්ටියි.

අම්මෝ... සේරම ලේඩිස්ලනේ. කවුරු හරි මාව උස්සන් යන්න එහෙම ආවොත් ඔයාලට උඩබලන් තමයි ඉන්න වෙන්නේ. බයෙත් බෑ.

ඇයි බය වෙන්නේ. ශෂීන්ද්‍ර පුතත් යනවනේ.


ආහ් ඔව්මයි. ඒත් එයාට අනික් අයව පරිස්සම් කරන්න වෙලාවක් නැති වෙයි. එයා Engaged වෙච්ච අක්කිත් එකක්නේ එනවා ඇත්තේ. ශෂී අයියට ගුටි කන්න වෙයි ඒ අක්කිගෙන් මාව පරිස්සම් කරන්න ගිහින්. මම ඒ අක්කිව දැකලත් නෑ..

ඇයි අම්ම්...

මුකුත් නෑ...

මුකුත් නැති වෙන්න විදියක් නෑ. ඇයි අම්මි මගේ දිහා අමුතු විදියට බැලූවේ.

මම ඔයාට කිවේ නැද්ද ඒ කතාව.

මොන කතාවද අම්මි.

ශෂීන්ද්‍රගේ...

ඇයි අම්මි ශෂින්ද්‍ර අයියට මොකද වෙලා තියෙන්නේ...


අම්මගෙයි දුවගෙයි කතාබහෙන් චුට්ටක් මිදිලා මම යනවා අශෝකා ජෙරම්ස්ගේ, ගයා ගේ මවගේ සිතිවිලි තුලට.

ම්ම්ම්... මොකද කරන්නේ... ශෂීන්ද්‍රගේ කතාව දෝනිට කියනවද නැද්ද.... දැන් කොහොම උනත් ඉස්සර අපේ දෝනිගේ හිතේ ශෂීන්ද්‍ර ගැන අදහසක් තිබුනා කියලා මම හොදටම දන්නවනේ. අනේ මංදා.. ඔන්න ඔහේ කියලා දානවා. කවදාකම හරි දැනගනිවිනේ. මම ම දෝනිට කියලා දානවා.

අශෝකා ජෙරම්ස් ගේ කැලඹුණු මනසෙන් ඉවත් වෙලා, මේ වෙලාවේ හැටියට කරන්න තියන හොදම දේ ගයා ශ‍්‍රී ගේ සිතිවිලි වලට ඇතුලූ වෙන එක. බලමු ගයා මොනවද හිතන්නේ කියලා

My God.. එයාට මොකක්ද වෙලා තියෙන්නේ. ඒ දෙන්නා අතර මොකක් හරි ප‍්‍රශ්ණයක් වත් වෙලාද, කරදරයක්... අනේ දෙවියනේ.. එහෙම දෙයක් නම් වෙන්න එපා. එයා හැමදාම සතුටෙන් ඉන්න  ඕනි.

අම්මාගේ සහ දුවගේ සිතිවිලි යකාගේ කම්මලට දෙවනි නැති නිසා දෙදෙනාගේම සිතිවිලි වලින් ඉවත්ව මා දෙදෙනාගේ සංවාදය දෙසට යොමු වෙනවා ආයෙමත්,

ශෂීන්ද්‍රගේ Registration එක කැන්සල් කරලා

මොකක්ද අම්මි කිවේ..

ඔව් පුතේ. ශෂීන්ද්‍රගේ රෙජිස්ටේ‍්‍රෂන් එක කැන්සල් කරලා. ඒ කෙල්ලට වෙන සම්බන්ධයක් තිබිලා කොල්ලගේ අතටම අහුවෙලා. ඉතිං ඩිවෝස් කරලා දාලා. පහුගිය ටිකේම කොල්ලා ගොඩක් අප්සට් එකේ හිටියේ. දැන් තමයි ටිකක් හරි නෝමල්...

දෙවියනේ ඇයි අම්මි ඒ.. ඇයි ශෂී්න්ද්‍ර වගේ කෙනෙක්ට එහෙම ඒ අක්කි කරලා තියෙන්නේ. පව් අම්මි. ශෂීන්ද්‍ර නරක කෙනෙක් නෙමෙයිනේ.

මොනවා කරන්නද දුව.


කතාව දුර දිග ගෙනියන්න අකමැත්ත නිසාදෝ අශෝකා ජෙරම්ස් සාලයෙන් පිටව යද්දී මා  නැවතත් ගයා ශ‍්‍රී ගේ සිතිවිලි තුලට ඇතුලූ වෙනවා. ඇත්තටම මේ මොහොතේ  ඇය මොනවා සිතමින් ඇත්ද..,

දෙවියනේ... ඇයි එයාට එහෙම දෙයක් උනේ. ඇයි ඔබ වහන්සේ එයාට එහෙම කලේ. එයා එහෙම දුකෙන් තියන්න  ඕනි කෙනෙක් නෙමෙයිනේ. ඒ දෙන්නා ආදරේ කරපු දෙන්නෙක් නේද. ඇයි එහෙම දෙන්නෙක්ට එහෙම කලේ. ඔබ වහන්සේ එයාව මට දුන්නෙත් නෑ. බලන්න දැන් එයා දුකෙන්. මට දුන්නා නම් මම කවමදාකවත් එයාට මම එහෙම කරනවද, වෙනකෙනෙකුට දුන්නා. හරිනේ දැන්.

ගයා ශ‍්‍රී ගේ කැලඹුනු සිතිවිලි දාමයෙන් ඉවත්ව මා, ශෂින්ද්‍රගේ නිවස වෙත ගමන් කරනවා. සුපුරුදු විදියටම ශීලා ඉස්තෝප්පුවේ ඇති හාන්සි පුටුවට වෙලා පොතක් බලනවා. එඞ්ගර් රයිඞ් හැගාඞ් ගේ ශී. හරිම නිස්කලංක පරිසරයක්. එතකොට ඔහු,.... ආහ්. මේ ඉන්නේ ඇදට වෙලා බර කල්පනාවක් දාගෙන.

මා ප‍්‍රථම වතාවට, ඔව් ප‍්‍රථම වතාවට ඔහුගේ සිතිවිලි වලට ඇතුලූ වෙනවා. බලමු ඔහු මොනවද අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ කියලා.

ශිට් මේක නම් මහ කරුමයක් අප්පා. එපා වෙනවා. ආයේ හෙට වැඩට යන්න හිතෙනවා. ඒත් අම්ම යන්න දෙන්නේ නෑ බඩු ෂුවර්. අම්මා කොච්චර කියවලා කියවලාද මාව ටි‍්‍රප් එක යන්න ගෙන්න ගත්තේ. අම්මා පව්. මම නිසා එයත් දුක් විදිනවා. එයා ඒක නොපෙන්නුවට මම දන්නවා මම නිසා අම්මා වොරි වෙනවා.

ඇත්තටම ඇයි රුවන්ති මට මෙහෙම කලේ. මම මොන වරදක් කලාටද, මම ඇත්තටම එයාට ගොඩක් ආදරේ කලා. කමක් නෑ.. මට නැති උනේ මට ආදරේ නොකරපු, මට වංචාවක් කරපු කෙනෙක්, ඒත් එයාට නැති උනේ එයාට ගොඩක් ආදරේ කල කෙනෙක්. එයා කොහොමද රෙජිස්ටර් කරලා තියෙද්දිත් වෙන කෙනෙක් එකක් Affair එකක් පටන් ගත්තේ. මට කොච්චරක් නම් ජරා කතා කිව්වද. කමක් නෑ.මගේ හිතේ දැන් උඹ ගැන වෛරයක් නෑ. තියෙන්නේ පිළිකුලක් විතරයි. මට මට මං ගැනත් පිළිකුල් උඹ නිසා. උඹ වගේ කෙනෙක්ට ආදරේ කර එක ගැන, මගේ පවුලට කලූ පැල්ලමක් ඇතිවෙච්ච එක ගැන.
 



9 comments:

  1. මේ කතාව හරි අමුතුයි. අමුතු ලස්සනක් තියේ..

    ReplyDelete
  2. හොද ගලාගෙන යාමක් තියෙනවා කතාවෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩියෝන්.

      Delete
  3. හොදයි...කියෙව්වෙමි,,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ර.කා... දිගටම ඉන්න.

      Delete
  4. නියමයි නියමෙට ගලාගෙන යනවා
    හැබැයි ටිකක් ඉක්මනට දාන්න බැරිද :(

    ReplyDelete
    Replies
    1. Thanks a lot bro. සතියට එකක් දෙකක් වගේ සෙට් වෙන්න දානවා.

      Delete